← Back to all songs
HYMN

මා බලවත් කරනා සමිඳානන් තුල 2

Maa Balavath Karanaa Saminndhaanan Thula 2

මා බලවත් කරනා සමිදාණන් තුළ

සියල්ල කල හැකිවේ //

නැත මා සිතේ සැකයක් බියක්

සමිඳු බලවතාණෝ

රැකගන්න මා සමිඳේ ගෙවනා

සෑම මොහොතේ //

පිසදා කඳුළු සනසා අපව මුදවා

සැම නපුරෙන්

සමිඳේ ඔබයි නිබඳේ

ස්තුති වේ ප්‍රශංසාවේ //

මිනිසුන් අතර මිනිසෙක් විලස

වැඩියේ ඔබයි සමිඳේ

කල්වරි කඳු මුදුනේ

ගැළවීම දුන් සමිඳේ //

ගිණිදැල් හදේ සුසුමන් ලයේ

නිවනා සමිඳු ඔබවේ

ඉඩ දෙන්න මට සමිඳේ

රැඳවෙන්න ඔබේ සුරතේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →