HYMN #B101
ලෝකෙට නායක ස්වාමී (ස්වාමිනේ කුරුසේ)
Loeketa Naayaka Svaamee Svaaminea Kurusea
ලෝකෙට නායක ස්වාමී
සගලොව නායක ස්වාමී
නරපතියන්ගේ නායක ස්වාමී
නමදිමු පා ඔබ ස්වාමී
ස්වාමිනේ කුරුසේ
දිවි බෝ දුකිනේ
පිදුවනේ පාපෙන්
මා ගලවන ලෙසිනේ
සතහට කිතු දම දෙසලා
ලෙඩ රෝ දෑ සුව කරලා
තුතියට හිමිතුම කුරුසිය ලබලා
කල්වරි කන්දට නැගලා
දුදනෝ හිමි තුම අල්ලා
බොරුවට වරද දෙසාලා
වාසිය ඔවුනට පිලතුන් දීලා
මැරුවෝ දස වද දීලා
බොන්නට පැන් ඉල්ලූ වේලේ
හිමි දිව වියලුනු වේලේ
කාඩිය හතුවක පොඟවා දුන්නේ
අයියෝ පාපෙක අරුමේ
සත් වදනින් පසු හිමිගේ
කෙළවර වී පන වේගේ
පියහට ජීවිතේ භාරදෙමිනේ
සැතපුනි හිමිතුම නිදොසේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →