HYMN
අගනා නිමල් යස සම්පත් වේ (මගේ ආත්මයේ පෙම් සමිඳුතුමා
Aganaa Nimal Yasa Sampath Vea Mage Aathmayea Pem Saminndhuthumaa
අගනා නිමල් යස සම්පත් වේ
මා නිසා සගේ තෙදැත් මාළිගේ
හිරු කාන්ති මෙන් ඒ යෙරුසලමා
දිලිසේය තෙද පතුරා මහිමා
මගේ ආත්මයේ පෙම් සමිඳුතුමා
මගේ ජීවිතේ ඔබමයි පැතුමා
පවිනා දුකින් පිරි මේ ලෝකේ
අතැරා කරම් හිමිගේ සේවේ
ඔබගේ හදින් එන දිව් ප්‍රේමේ
අපගේ සිතේ ඔබමයි වගුළේ
කුරුසේ මනා සේ පාදා දේ
සැමටා මෙ ප්‍රේමේ කල්වාරියේ
සමිගේ පසන් වූ අඩි පාරේ
සතොසේ ගමන් කරනෙම් නිතිනේ
ඔබවේ පහන් තරු ආලෝකේ
අඳුරේදි මග පෙන්වයි ලෝකේ
සැම පාපයෙන් ජය දුන් ප්‍රේමේ
ලොව සාපයෙන් මිදු මේ ප්‍රේමේ
මට ලාබ වූ දේ අත්හැරියා
ලබනා ලෙසේ මා පෙම් රජිඳා
සුදනෝ සිහින් වතිනා සැරසී
සියොනේ ගයති ගී මන තුටිනී
කිතුගේ ස්වරූපෙට මාරුවෙනා
සැමටා උරුම වේ ශ්‍රී සියොනා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →