← Back to all songs
HYMN #B291

ලෝකයේ ආලෝකේ ඔබමය කිතු සමිඳේ

Loekayea Aaloekea Obamaya Kithu Saminndhea

ලෝකයේ ආලෝකේ

ඔබමය කිතු සමිඳේ

ඔබ මඟ එන සැම අඳුරෙහි නොහැසිර

ජීවන ආලෝකේ

ලැබගන්නා බව මනුසත හට පැවසුවෙ

ඔබමය සමිඳේ

ලෝකයේ ආලෝකේ

මමය කී සමිඳේ

ඔබෙ ආලෝකය අනුව එමු //

ලෝකයේ ආලෝකේ

මමය කියූ සමිඳේ

අප ඔබ අදහා ආලෝකය ලැබ

වෙමු දරු ආලෝකේ

අඳුරු ක්‍රියා අතහැර අලෝකයේ

ආයුධ පැළඳගමු

අඳුරු ක්‍රියා අතහැර අලෝකයේ

දරුවන් මෙන් අපි සැම වෙසෙමු //

දෙව්දරු අපි සැවොමා

ලෝකාලෝකය වේ

අප යහපත් වැඩ දකිනා ලෝ සත

අප සග පියතුමටා

ගරු කරනා ලෙස ලොව දස අත අපි

බබලමු ආලෝකේ

සත්‍යය, ධර්මිෂ්ඨකම යහපත්කම

ආලෝකයෙ ඵල වේ

ඒ ආලෝකයෙ ඵල දරමින් අපි

බබලමු ආලෝකේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →