← Back to all songs
HYMN

ලේ බලකොටුවක් තුළේ මා සැඟවෙන්නේ

Lea Balakotuvak Thulea Maa Sanngavennea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ලේ බලකොටුවක් තුළේ

මා සැඟවෙන්නේ

කිසි විපතක් නෑ වෙන්නේ

කිසි නපුරක් නෑ වෙන්නේ

යේසුස්ගේ ලේ වලින් සේදූ නිසා

සාතන් ළං වෙන්නේ නෑ

ප්‍රේමෙන් කුරුසියෙ දිවි දීලා

පාපෙන් ජය ගත්තා //

මගෙ උපකාර එබනේසර්

නිතරම මා රැකගයි

ලෝකේ සිටිනා ඔහුට වඩා

මා දෙවිඳුන් බලවත් //

දෙවිඳුන් ගැලවීමත් ආලෝකයත්

කාටද බය වෙන්නේ

මා ජීවිතයේ බලය ඔබයි

කාටද බය වෙන්නේ //

මව දරුවව අමතක කෙරුවත්

අමතක නොකරන්නේ

එඬේරා ලෙස මඟ පෙන්වන්නේ

ආලේපය දෙන්නේ //

කඳු පර්වත හැම පහවී යයි

කරුණාව පහව නොයයි

නිම් නැති ප්‍රේමෙන් ඇද ගත්තේ

මා ඔබෙ තුරුලටමයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →