← Back to all songs
HYMN

ලේ බලකොටුව තුළ මා සැඟවෙන්නේ

Lea Balakotuva Thula Maa Sanngavennea

ලේ බලකොටුව තුළ මා සැඟවෙන්නේ

කිසි විපතක් නෑ වෙන්නේ

කිසි නපුරක් නෑ වන්නේ

යේසුස්ගේ ලෙයින් සේදූ නිසා

සාතන් ලං වෙන්නේ නෑ

ප්‍රේමෙන් කුරුසේ දිවි දීලා

පාපෙන් ජය ගත්තා

මගේ උපකාර දෙව් සමිඳුන්

නිතරම මා රැකගයි

ලෝකේ සිටිනා ඔහුට වඩා

මා දෙවිඳුන් බලවත්

දෙවිඳුන්ගේ ගැළවීමේ ආලෝකය

කාටද භයවන්නේ

මා ජීවිතයේ බලය ඔබයි

කාටද භයවෙන්නේ

මව දරුවව අමතක කෙරුවත්

අමතක නොකරන්නේ

එඬෙරා ලෙස මඟ පෙන්වන්නේ

මා හට ජය දෙන්නේ

කඳු පර්වත සැම පහවී යයි

කරුණාව පහව නොයයි

නිමි නැති ප්‍රේමෙන් ඇද ගත්තේ

මා ඔබේ තුරුලටමයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →