← Back to all songs
HYMN

කුරුසියෙ සෙනෙහස මා මෙනෙහි කරන විට

Kurusiye Senehasa Maa Menehi Karana Vita

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසියෙ සෙනෙහස

මා මෙනෙහි කරන විට

හද උණුවී සිත මෙලෙක් වී

දෙනෙතෙ කඳුලු පිරෙයි //

වැගිරෙන මනහර තෛලේ

මා ප්‍රේම යේසුස්ගෙ නාමේ //

මුලු ලෝකෙම සත්දිසාවෙහි

සුගන්ධය පතුරවමින් //

කුරුසියෙ සෙනෙහස...

ප්‍රතීප්‍රේමෙ දක්වම් කෙසේදෝ

මා පාපෙ දැරුවා නොවේදෝ //

රුධිරේ ගලා හින්සා දරා

ඔබේ ජීවේ පුදනු කලා //

කුරුසියෙ සෙනෙහස...

==========

~ ගායනා කරන තවත් විදිහක් ~ :

==========

මා ප්‍රේම යේසුස්ගේ නාමේ

වැගිරෙන මනහර තෛලේ //

මුලු ලෝකෙම සත්දිසාවෙහි

සුගන්ධය පතුරවමින් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →