← Back to all songs
HYMN #B214

කුරුසිය උසුලමින් (මගේ සියල්ලම ඔබමය වේ)

Kurusiya Usulamin Magea Siyallama Obamaya Vea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසිය උසුලමින් යේසු අනුවම යමි

ජීවිතේ අගේ යයි නොතකා

කඳු උඩත් මිටි බිමෙත් ඔබ කැමතිනම් යමි

ජීවිතේ අගේ යයි නොතකා

මගේ සියල්ලම ඔබමය වේ //

සියොන මගෙ උරුමය වේ

නොහැරෙම් කිසිවිට ස්වාමිනේ //

ඔබතුමා දිනාගන්ට අතහරිම් සියල්ලම

ප්‍රීතියෙන් සේවය කරන්ට

පසුවුන දෙය කොහෙත් සිහි නොකරමි මම

ප්‍රීතියෙන් සේවය කරන්ට

මගේ සියල්ලම...

පාර කටු ගොකටු වේ බොහෝ දෙනා වෙහෙස වේ

පටුමයි මාර්ගය ප්‍රීතිමයි

සැමදෙන මා අගුණ බොරුවෙන කීවත් කම් නෑ

පටුමයි මාර්ගය ප්‍රීතිමයි

මගේ සියල්ලම...

ඔබ මෙමා සමඟ නම් ඕනෑ තැනකට යමි

ඔබගේ කැමැත්ත කරමි

මගෙ හිස තබන්ටවත් තැනක් මට නැතිවුනත්

ඔබගේ කැමැත්ත කරමි

මගේ සියල්ලම...

හිමිහට බාරදුන් දේ රැකගන්ට බලවත්මයි

ජීවිතේ සැමදා තුතිදෙම්

නොකැලැල්ව සිහසුන ඉදිරියේ ඔප්පුකරයි

ජීවිතේ සැමදා තුතිදෙම්

මගේ සියල්ලම...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →