HYMN
කුරුසේ නැග අත් විහිදා 2
Kurusea Naga Ath Vihidhaa 2
කුරුසේ නැග අත් විහිදා
මුළු ලෝ තුරුලට වඩලා
සිටිනා දෙවි පුත් රදුණේ
ඔබෙ පා සිඹිමින් වඳිමු
සිරසේ කිරුළේ මිණි සේ
බැබළේ බිඳු වැල් සිරි ලේ
කුරුසේ සිටිනා දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ
ඔබ හා කුරුසේ නැඟලා
ඔබෙ දෑසින් ලොව බලලා
ඔබ සේ කරුණා පාලා
කුරුසේ හිඳිනා සමිඳේ
හිඳිනා ලෙස මා කැඳවා
කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමු
කුරුසේ හිඳිනා සමිඳේ
දෙනෙතේ කඳුළුයි ඔබගේ
දෙතොලේ ලේ වැල් කැටි වේ
ඇණලා සිරවී තිබෙනා
ඔබෙ පා සිඹිමින් වඳිමූ
පහරින් නිල් වූ සිරුරේ
දහරා ගලමින් දිලිසේ
මෙලෙසේ පණ දුන් දෙවිඳේ
ඔබෙ පා සිඹිමින් වඳිමූ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →