HYMN #B252
කුරුසේ ගැන නොව, නොබලන් නොබලන්
Kurusea Gana Nova Nobalan Nobalan
කුරුසේ ගැන නොව ඔටුන්න බලන්
වෙහෙසින් සිටින නුඹ දැන්
නුඹට තිබේය දුක් නැති නිවෙසක්
එහි ප්‍රීතිමයි සදාකල්
නොබලන්, නොබලන්
නුඹගේ සෝදිසි දෙස දැන්
බලනු, බලනු
ඔටුන්නයි විපාකය රන්වන්
ජීවිතේ කරදරෙන් නුඹ පෙළුණත්
පරික්ෂා පීඩාවන් බෝ ආවත්
ප්‍රේමයේ හස්තය ඉහළින් හඟවත්
එයින් සිත් පූර්ණ කිරීම ඇත්
නපුරු කෝලාහල පැයේදී වුනත්
ප්‍රීතියෙන් ඉවසීම පෙන්වන්
දිලෙනා ඔටුන්නක් නුඹ උදෙසා ඇත්
පියාණෝ එය පිරිනමත්
තේජසින් යේසු එන එම දිනයේ
කුරුසේ අදහස් වැටහේ
සෝදිසි මාර්ගයේ යටත් සිතින් ගියේ
ලබන්නටයි මහිමේ ධනේ
දූතයෝ රැස්ව ප්‍රීතියෙන් විස්මවන්නෝ
දැක සුදනන්ගේ මහිමේ
යේසුගේ ශ්‍රී හද පැන නගී අහෝ!
එය මනාලිගේ දිනයේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →