← Back to all songs
HYMN

කුරුසේ එල්ලිලා දිවි පිදුවා එදා

Kurusea Ellilaa Dhivi Pidhuvaa Edhaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කුරුසේ එල්ලිලා දිවි පිදුවා එදා

යේසුනී දුක දැරුවා මා නිසා

ගෙත්සෙමනේ කීවා, ඔබෙ කැමැත්ත ඉටු වේවා

පියාණනි, අබ්බා පියාණනි //

මැරෙණ තරම් සිත ශෝක වූවා ගෙත්සෙමනේ

පියාණනි ඔබ හට සැම දේ කළ හැකි වේ

ගෙත්සෙමනේ කීවා, ඔබෙ කැමැත්ත ඉටු වේවා

පියාණනි, අබ්බා පියාණනි

කුරුසේ එල්ලිලා දිවි පිදුවා එදා...

අවදිව සිටින්න, යාච්ඤා කරන්න

ආත්මෙන් පිරෙන්න, ශක්තිය මට දෙන්න

නිතරම ඔබ සොයන්න, ඔබේ පාමුල සිටින්න

මට කරුණා කරන්න, ඔබටම පෙම් කරන්න //

කුරුසේ එල්ලිලා දිවි පිදුවා එදා...

මැරෙණ තරම් සිත ශෝක වූවා ගෙත්සෙමනේ

පියාණනි ඔබ හට සැම දේ කළ හැකි වේ

ගෙත්සෙමනේ කීවා, ඔබෙ කැමැත්ත ඉටු වේවා

පියාණනි, අබ්බා පියාණනි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →