← Back to all songs
HYMN

කවුරුන් මා අත් හැරියත්, මාගේ සිත සමිඳුන් පසසන්න

Kavurun Maa Ath Hariyath Maagea Sitha Saminndhun Pasasanna

මාගේ සිත, සමිඳුන් පසසන්න

හද පතුලෙන්ම ඒ නාමය පසසන්නෙමි

මාගේ ගත, එතුමන්ට ස්තුති දෙන්න

සියලු මගේ පාප සෑම සෝදා ප්‍රේම කළ නිසා

කවුරුන් මා අත හැරියත්

කවුරුන් පිළිකුල් කෙරුවත්

ඔබ නම් නෑ යේසුනි මා අත්හැරියේ

පීඩාවෙන් මා සිටියත්

සාගින්නෙන් මා දැවුණත්

කවුරුත් නෑ ඔබ මෙන් ප්‍රේම කළේ

මාගේ නෙත, සමිඳුන් දැක ගන්න

මුළු හදවතින් ඔබට පමණක් ප්‍රේම කරන්නෙමි

මාගේ මුව, සමිදුන් ගැන කියන්නට

ඔබේ දරුවන්ට ඔබේ ප්‍රේමය ගැන කියන්නෙමි

කවුරුන් මා අත්හැරියත් ...

මාගේ හද, ඔබ වෙනුවෙන් සිටින්නට

මගේ ජීවිතයම ඔබ වෙනුවෙන් කැප කරන්නෙමි

මාගේ කය, ඔබ ළඟ නවතින්නට

මුළු ජීවිතේම ඔබේ නාමය ඔසවන්නේමි

කවුරුන් මා අත් හැරියත් ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →