HYMN #B321
කවදාදෝ කවදාදෝ සමිඳේ කවදාදෝ
Kavadhaadhoe Kavadhaadhoe Saminndhea Kavadhaadhoe
කවදාදෝ කවදාදෝ සමිඳේ කවදාදෝ
හාලේලූයියා හාලේලූයියා ගීය කවදාදෝ //
ඒ දිනයේ සමිඳු අපේ එන්නේ තේජසේ
නිළඹරේ පිරෙන සේ දෙව්දූතුන් පිරිවරේ
හෝසන්නාවේ නාදයෙන් හඬද මිහිතලේ
දසතිනේ පැතිරයේ ප්‍රීතියේ දොර ඇරේ
දෙවිඳුන්ගේ මණ්ඩපයේ සමිඳු වැඩ වසයි
සිහසුනේ සිට මෙසේ හඬක් පැතිර එයි
සියලු දේ අලුත් කරන් මම් ආවේ ඒ නිසයි
මුලද අගද මම වෙමි එයින් හඬ නැගෙයි
සමිඳුනේ තේජසේ එන ඔබ අතිනේ
කිරුළ ඒ ජීවනයේ අපට දෙනු මැනේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →