← Back to all songs
HYMN #B190

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ

Adhahillen Puravan Svaaminea

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

මගේ ඇදහිල්ල ගින්නෙන්

සෝදීසි කළාම //

රන් මෙන් පිටත්ව එන්නෙමි

ප්‍රශංසාවට ඔබගේ - නිරතුරු

ප්‍රශංසාවට ඔබගේ

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

භායානක රුදුරු කුණාටු අතරෙහි

සන්තෝස හදවතිනා //

නිවාඩු ගනිමි මෙමා - ඔබ තුළ

නිවාඩු ගනිමි මෙමා

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

ඉඩක් නොදෙමි මම

සැකක් ඇතිවන්නට //

පොරොන්දු ගැන ඔබගේ

සදාට එක ලෙස වේ - ගිවිසුම

සදාට එක ලෙස වේ

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

ජයෙන් ජයට යමි

දෙව් පුත් ඇදහිල්ලෙන් //

සාතන් පරදා ලමිනා

සටන් නිමවෙයි සැණිනා - සැබවින

සටන් නිමවෙයි සැණිනා

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

අවංක සිත් ඇති පොරොන්දු අදහන //

දරුන් අතර මෙදිනේ

ක්‍රියාකරනු පෙරසේ - දෙවිඳුනි

ක්‍රියාකරනු පෙරසේ

ඇදහිල්ලෙන් පුරවන් ස්වාමිනේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →