← Back to all songs
HYMN #B211

කැපවෙමි මුලුමනින් මා යේසු පස්සේ යන්ට

Kapavemi Mulumanin Maa Yeasu Passea Yanta

කැපවෙමි මුලුමනින් මා

යේසු පස්සේ යන්ට

මම මුළු සිතින්

ඔබ කැමති තැනම මා

ගෙනයන් ස්වාමිනී දැන් //

පහත් මිටියාවත් වලත්

කඳු මුදුනෙහි වුනත්

අඩි පාරේ ගමන් කරමි

මා යේසු ස්වාමී

අඩි පාරේ ගමන් කරමි

ගැඹුරු ජලය මැදින් යන්ට

මම තැති නොවෙම් //

සමිඳු මා සමඟ යයි

කොයිදේ වුනත් බය නොවෙම්

යටහත් වූ මිදුම්කරු

මා සොයා ආවේ

යටහත් වූ මිදුම්කරු

දාසයෙක් මෙන් කීකරු වී

ලෑස්ති මම යටත් සිතින් //

මා කැමැත්ත හැර දමා

සේවය කරන්ට තොසින්

එමි මම ඔබ පස්සේ

දුක් විඳින්නට කැප වී

එම් ඔබ පස්සේ

පාර කටු සහිත වේ

බොහෝ දෙනා වෙහෙස වේ //

සැපක් නොවෙයි මා ඉල්ලීම

දුක් විඳින්ටයි මා ආසාව

එඬේරෙක් මෙන් මඟ පෙන්වයි

මා අතින් අල්ලා

එඬේරෙක් මෙන් මඟ පෙන්වයි

කටු ගොකටු මැදිනුත්

ගල් සහිත බිම්වලිනුත් //

මා ආසාවල් හැර දමා

ආවේ මම යන්ට තොසින්

සියල්ලෙන් මා සියල්ල වූ

ඒ යේසු මගේ රුවැති

පහන් තරුව

ගෙනාවයි මගේ සියල්ල

ඔබ පූජාසනයට //

ගින්න එවන්

දැන් ස්වාමිනී අළු කර දවන්නට

"මා අනුව වරෙල්ලා දැන්"

ආ යේසු හඬ ඇසෙයි

ලොවේ සැම තැන

ඇසුණා ඒ කැඳවීම

ප්‍රීතියෙන් උත්තර දෙමි //

අන්තරා ඇතත් ඒ මග

පසුබට නොවී යමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →