← Back to all songs
HYMN

කඳුලැල් මගේ පිස දැමුවා

Kanndhulal Magea Pisa Dhamuvaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කඳුලැල් මගේ, පිස දැමුවා

බලාපොරොත්තුව ගෙන දුන්නා

මගෙ යේසුනී, ආදරෙයි ඔබට - //

ඔබ තුරුලේ මා සෑම දිනේ

රඳවාගන්න සමිඳේ

ඔබ සෙවනේ මා සෑම දිනේ

සඟවා ගන්න සමිඳේ //

කඳුලැල් මගේ ...

ඔබෙ ආත්මෙන් මා සෑම දිනේ

රැගෙන යන්න සමිඳේ

ඔබෙ ප්‍රේමෙන් මා සෑම දිනේ

පුරවාලන්න සමිඳේ //

කඳුලැල් මගේ ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →