← Back to all songs
HYMN #B284

කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි

Kanndhu Dhesata Magea As Osavannemi

කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි

මට උපකාර කොයින්දෝ

අහස පොළොව මැවූ දෙවිඳුන්ගෙන් මිස

මට උපකාර කොයින්දෝ //

ඒ දෙවිඳුන් ඔබෙ පය නෑ

සෙලවෙන්න දෙන්නේ

ඔබ සුරකින ඒ දෙවිඳුන්

නෑ නිදියන්නේ //

ඊශ්‍රායෙල් සුරකින ඒ දෙවිඳුට

නිදිබරවීමක් නිදිගැන්මක්

නෑ ඇතිවෙන්නේ

කඳු දෙසට මගේ...

ඔබ රකිනා දෙන සෙවනා

දෙව් හස්තය වන්නේ

දවාල ඉරවත් රෑ සඳවත්

පහර නොදෙන්නේ //

ඒ දෙවිඳුන් ඔබ සුරකින්නා

ප්‍රාණය ඔබෙ රැකදෙන්නා

යාමේදිත් ඊමේදිත්

ඔබ රැකගන්නා

කඳු දෙසට මගේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →