← Back to all songs
HYMN

කඳු දෙසට මගේ ඇස් ඔසවා

Kanndhu Dhesata Magea As Osavaa

කඳු දෙසට මගේ ඇස් ඔසවා

බලා සිටින්නෙමි //

කොහෙන්ද මට උපකාරය එන්නේ - //

අහසත් පොළවත් මැව්වාවූ

දෙවිඳුන්ගෙන් පමණි - //

පාද ඔබේ පැකිලෙන්නට නාරියි

ඊශ්‍රායෙලේ ආරක්ෂක නොනිදයි //

සමිදුන් ඔබ ආරක්ෂකයා වෙයි

දකුණු අතින් එතුමා සෙවනක් සේ //

නපුරෙන් ඔබ ආරක්ෂා කරයි

ඔබෙ ආත්මය සුරැකිව තබයි //

හිරු සඳු ඔබ හට පහර නොදෙයි

යන එන මඟ දෙවිඳුන් සුරකියි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →