← Back to all songs
HYMN #B212

කැමති ලෙසින් අඹනු මැනවි මා

Kamathi Lesin Abanu Manavi Maa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කැමති ලෙසින් අඹනු මැනවි මා

දිව්‍ය කලාකරුවාණෙනි

මැටි පිඩක්ය මා ඔබේ අතේ

ඔබ කැමති හැඩක් රුවක්

අඹන්න සමිඳේ

මම නොදනිමි ඔබේ සිතේ

තිබෙන මගෙ හැඩේ

මට නොහැඟේ උතුම් අභිමත

සැළසුම් ඔබගේ

මගේම යයි මෙතෙක් සිතුව

මාවත් ඇඳුරේ

මහා කලාකරුවාණෙනි

දැන් එය වැටහේ

මටම දිනක සතුටු වන්න

පිළිවන් වන්නේ

ඔබේ අතින් මා හැදුනොත්

ලද දුක් අතරේ

මිනිස් දුබලකම නිසාම

වේදනා දැනේ

නමුත් සමිඳේ අඹන්න මා

ඔබ කැමති ලෙසේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →