← Back to all songs
HYMN #B111

කල්වරි කුරුසේ දිවි පිදුවා

Kalvari Kurusea Dhivi Pidhuvaa

කල්වරි කුරුසේ දිවි පිදුවා

ජීවනයේ කුමරා... //

ඇයි ඔබ සිටින්නේ කල්වරි මුදුනේ

එල්ලිලා රුදු කුරුසේ

ඔව් ඔබ මෙලෙසේ දුක් කඳ විඳින්නේ

පාපය දුරලන සේ //

ලෝ දන රවටා පාපෙට හෙලනා

මාර්ගය බිඳ වැටුනා

යාමට සගටා දෙව් දරුවනටා

ජීවන මඟ ඇරුනා //

යක්ෂයා පරදා පාපය අතැරා

සුද්දව දිව් ගෙව්වා

බෑ මිනිසුනටා වීරය කරලා

යේසුය ලොව මිදුමා //

පාපෙහි ඉපදී පාපෙට යටවී

දිවි මඟ යන සැවොමා

ආ කුරුසියටා නෙත් යොමු කරලා

පාපෙන් ජය ගනුවා //

කල්වරි කුරුසේ ප්‍රේමය බැබලේ

දේවති දෙව් තුමගේ

ඒ පෙම ඇවිලේ මා සිත ඇතුලේ

පාපෙට ඉඩ නැති වේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →