← Back to all songs
HYMN #B167

කල්වරි කන්දෙන් ඒය ගලාලා, කුරුසේ ආ

Kalvari Kandhen Eaya Galaalaa Kurusea Aa

කල්වරි කන්දෙන් ඒය ගලාලා

ලේ ගඟ ජීවිතයේ

යේසුගෙ ලේ ගංගාවේ ගිලීලා

සිත් සුදුවේ හිමසේ

කුරුසේ ආ කුරුසේ

වේ මහිමේ මෙමගේ

මෝක්ෂෙට මා ආත්මේ යනතෙක්ම -

වේ මහිමේ කුරුසේ //

ළං වෙම් යේසුගේ කුරුසේටා

සාමෙන සිත් පිරෙනා

දීප්ති පහන් තාරා අළුධාරා

මා අවටින් වැටෙනා

මේස පොවුන් හා දිව්‍ය වූ ප්‍රේමේ

දර්ශන වේ කුරුසේ

පා නගම් මෙ ජීවිත යාමේ

ඒ කුරුසේ සෙවනේ

පෙම් කුරුසේට ළංව සිටින්නෙම්

දිව්‍ය පැතුම් ඇතිව

ඒ කුරුසේ ප්‍රේමෙ ඇවිදින්නෙම්

දිව්‍ය රජුන් ගැතිව

ඔව් කුරුසේම නිත් දරමින් යම්

ජීවිතයේ සැමදා

තේජස් ඔටුන්න නිත් පළඳින්නෙම්

මොක්ෂයෙහිදී සැමදා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →