← Back to all songs
HYMN #B181

කල්වාරියේ ප්‍රේමේ දැක ආවෙමි මේ මා

Kalvaariyea Preamea Dhaka Aavemi Mea Maa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කල්වාරියේ ප්‍රේමේ දැක

ආවෙමි මේ මා දුවමින්නේ //

ඔබේ ලෙයින් මෙමා සෝදා

ශුද්ධ කරන් මා සිත //

පූජාසනයේ තබමි

බාරවී මේ වෙලාවේ මා

දේව කැමැත්ත අනුව

මා පාලනය කරන් //

ඔබ නැතිනම් මේ ලොවේ

කළ නොහැක කිසිත් මටා

වැටෙන්නට ඉඩ නොදී

ආරක්ෂා කරන් මෙමා //

ආත්මේ ශරීරේ හා ප්‍රාණේ

පෙමැත් ඔබ හට දෙමි

මාලිගාවක් කර මෙමා

ආශිර්වාදෙන් පුරවන් //

තම කම පහ කර අලු මෙන්

ශුද්ධාත්මෙන් පුරවන් මෙමා

මාංශයෙන් ජයගත් විට

දෙව් තුම් මා ආණ්ඩු කරයි //

මේ ලෝ හා රන් මට එපා

මේ ලෝ වසන්ටත් නෑ ආසා

යේසු තුමා දුටු විට

මා මේ දේ අත්හැරියා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →