← Back to all songs
HYMN

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ

Kalvaari Kurusea Himi Sirura Thibunea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ

මා පව් නිසා ඇණ ගසාලා

ඔබ පව් නිසා ඇණ ගසාලා //

බර කුරුසේ උසුලා

ගොල්ගොතට නැගලා

කිතු තුමම ලොව පාපේ දැරුවා //

කුරුසියේදී අප පවට මැරුනා - //

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

කසපහර ලබලා

කටු ඔටුනු පලඳා

දුක දැරුවේ ඔබේ පාපෙ හින්දා //

හිමි දැරුවේ කුරුසියේදි නින්දා

මා හිමි දැරුවේ කුරුසියේදි නින්දා

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

හිමි සිරුර තුළිනා

රුධිරය ගැලූවා

මිනිසුනි ඔබේ පාප හින්දා //

කල්වාරියේ දිවි පිදූදා - //

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

දිවි පිදුව සමිඳුන්

දින තුනට පසුවෙන්

නැගිටියලු මරු බලය පරදා //

මනු දමට ජීවනය සලසා - //

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 1

ඒ දිව්‍ය ප්‍රේමේ

අද ඔබට සෙනෙහෙන්

අමතනු ඇසේදෝ සියුම් සේ //

මාගේ පුතේ දියණියනි සේ - //

කල්වාරි කුරුසේ හිමි සිරුර තිබුනේ x 2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →