← Back to all songs
HYMN

කැලඹුනු මාගේ සිත 1

Kalabunu Maagea Sitha 1

කැලඹුනු මාගේ සිත

රක්ෂස්ථානය නැතිදෝ

ලොව පාලක යේසුස් නිසා

හද නොසැලී ඉන්න //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි

දෙවිඳුන්ගේ අභිමුඛයේ //

පසුගිය දේ ගැන, ඔබ කඳුළු සලන්නේද? - //

සිදුවුනු දේ යහපතටයි, ස්තුති ස්තුති දෙන්න - //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි

දෙවිඳුන්ගේ අභිමුඛයේ //

කැලඹුනු මාගේ සිත... x 1

රළු වූ මුහුද මැද, ඔබ ගිලිහී යන්නේද? - //

අතදිගු කර යේසුස් දෙස බලමින් සුරැකෙන්න - //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි

දෙවිඳුන්ගේ අභිමුඛයේ //

කැලඹුනු මාගේ සිත... x 1

මිතුරා ඔබ අතහැරියාදෝ, විශ්වාසය කඩකෙරුවාදෝ - //

අත්නාරින අප දෙවිඳුන්ගේ අත අල්ලාගෙන යන්න - //

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි

දෙවිඳුන්ගේ අභිමුඛයේ //

කැලඹුනු මාගේ සිත...

හා හා ප්‍රීතියයි මට ප්‍රීතියයි

දෙවිඳුන්ගේ අභිමුඛයේ ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →