← Back to all songs
HYMN #B360

කානාහි ඒ නිවසේ සුමිහිරි විවා ගිවි

Kaanaahi Ea Nivasea

කානාහි ඒ නිවසේ

සුමිහිරි විවා ගිවි

යේසුස් සමිඳු උතුම්

වැඩිය දවසේ

දොම්නස නිමවා සොම්නස

එවන සමිඳුන් සිත් ලෙස

ඔවුන් වෙතට විත් සිටියෙන්

තුටු වූහ නොමින්

කානාහි ඒ නිවසේ...

මිදි පැන් මඳ වූයෙන්

තෙද යුතු හිමි අණින්

නිමල සිහිල් පැනින්

ඒ සැලි පුරවන්

ඉක්බිති සමි අණ ලෙසින්

මිදි යුෂට හැරෙයි ඒ පැන්

මෙහෙකරු පුදුමෙන් වෙසෙස්

රැගෙන යත් නොලස්

කානාහි ඒ නිවසේ...

සාමිනි ජීවනයේ

කුමරුනි සමාදානේ

ආසිරිගෙන වඩින්

පෙරසේ මේ දිනේ

ඇලයෙන් ගැලූ ඒ ලේ බෙලෙන්

මේ දරුන් දෙදෙනා වෙත දැන්

නොවහිම් සෙත්සිරි දී සොඳින්

රැකදෙන්න නිතින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →