← Back to all songs
HYMN

කාලයයි මේ එලියාගේ දෙව් වචනේ ප්‍රකාශ කරම්

Kaalayai Mea Eliyaagea Dhev Vachanea Prakaasha Karam

කාලයයි මේ එලියාගේ

දෙව් වචනේ ප්‍රකාශ කරම්

කාලයයි මේ මෝසෙස්ගේ

ධර්මිෂ්ටකම් නැවත කරම්

කාලයයි මේ පරිකෂාවේ

සාගත යුධගිනි අඳුරත්

කාන්තාරේ මෙන් මේ

අප ලෝකේ හඬ නගමින්

සමිඳුන්ගේ මඟ සදනා

බලව් සමිඳුන්, වලාකුල් මතින්

හොරණෑ නදින්, හිරු එලිය සේ

උස් හඬින් ගයව්, මේ ජුබිලි වර්ෂයයි

සියොන් කඳු මුදුනින්, ගැලවීම එයි

කාලයයි මේ එසකියෙල්ගේ

වියලි කටු මාංශවත් වෙයි

කාලයයි මේ දාවිත්ගේ

ප්‍රශංසාවේ මැදුර තැනෙයි

කාලයයි මේ අස්වැන්නේ

කෙතේ ගොයම් පැසී තිබේ

අප සමිඳුන්ගේ මිදිවත්තේ සේවකයෝ

දෙව් වචනේ හඬනගනා

බලව් සමිඳුන්, වලාකුල් මතින්

හොරණෑ නදින්, හිරු එලිය සේ

උස් හඬින් ගයව්, මේ ජුබිලි වර්ෂයයි

සියොන් කඳු මුදුනින්, ගැලවීම එයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →