← Back to all songs
HYMN

ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ

Jeevithea Mata Dhunnu Dhevi Thumanea

ජීවිතේ මට දුන්නු දෙවි තුමනේ -

මගේ පණ නල ඔබ අතේ රැදුනේ - //

රැක ගන්න සමිඳුනි මා - ////

සතුරු අනතුරු මා වටේ එන්නේ -

රුදුරු බියකරු සතුන් විලසින්නේ - //

රැක ගන්න සමිඳුනි මා - ////

හිරු උදා වී දවස ඇරඹෙන්නේ -

දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ - //

රැක ගන්න සමිඳුනි මා - ////

අඳුරු සිතුවිලි වලින් වට වෙන්නේ

දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ...//

රැක ගන්න සමිඳුනි මා - ////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →