← Back to all songs
HYMN #B080

ජීවනයේ මා සමිඳා මා හට ප්‍රේම කළා

Jeevanayea Maa Saminndhaa Maa Hata Preama Kalaa

ජීවනයේ මා සමිඳා

මා හට ප්‍රේම කළා

කල්වරියේ දිවි පුදලා

පාපයෙන් මා මිදුවා

මා පව් නිසා දුක් විඳලා

මා හිමි දිවි පිදුවා

පාප බලේ සුන් කරලා

මරණින් ජය ලැබුවා

මගෙ දිවියේ සවිය ඔබයි

මඟ පෙන්වන් සමිඳේ

දෙව් වචනේ සත්‍ය තුළ

මා සඟවන් සමිඳේ

අඳුරු බවෙන් එළිය කරා

මා ගෙන ගිය සමිඳේ

රෝග බියෙන් සතුරු බලෙන්

මට ජය දුන් සමිඳේ

දිවි ගමනේ එළිය ඔබයි

මා පෙම්බර සමිඳේ

පසසමි ගයනෙමි

ඔබෙ සුමිහිරි නාමේ

දිවා රැයේ බලා සිටිම්

ඔබ එනතුරු සමිඳේ

දිවි ගමනේ මං ගෙවනට

ශුද්ධාත්මේ දෙන් සමිඳේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →