← Back to all songs
HYMN

ජීවනයේ අධිපතියාණනී

Jeevanayea Adhipathiyaananee

ජීවනයේ අධිපතියාණනී

අප ජීවත් කරනා යේසුනී

ඔබයි ඔබයි ඔබයි...

ජීවනය, ගෙන දෙන්නේ ඔබයි

ආවත් රුදුරු සොරා රහසින්

සොරකම් කර මරණා විලසින් //

ඔබ ආවේ නැත ඒ අයුරින්

ජීවන නදිය ඔබයි

බොහො ලෙස දෙන්නේ ඔබයි

ජීවනයේ අධිපතියාණනී..

ගලනා දිය වෙත අප ගෙන යයි

නිල් තණ බිම් වෙත මග පෙන්වයි //

මියැදෙන්නට ඉඩ නොදෙමින් රැකගත්

එඬේරා වූයේ ඔබයි

යේසුනි ඔබ පමණයි

ජීවනයේ අධිපතියාණනී..

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →