HYMN #B263
ජයවේ, ජයවේ, ජයවේවා
Jayavea Jayavea Jayaveavaa
ජයවේ, ජයවේ, ජයවේවා !
මගෙ හිමි හා ගැලවුම්කරුතුමටා
තුති වේ, තුති වේ, තුති වේවා
මගෙ පෙම්බර සුමිතුරු සමිඳු හටා
මගෙ සෑම පව් ගැන පසුතැවිලා
හදවත් දොරටුව හැරදීලා
හිමියෙනි මා වෙත එන්ට කියා
සමිඳුට කීවෙ මෙමා
මගෙ හද වෙත වැඩි පිය සමිඳා
පාපයෙ කුමරුන් නෙරපාලා
අදමිටු හද පිරිසිදු කරලා
හිමි මගෙ රජ වූවා
හිමියනි ඔබ මගෙ එඬේරා වේ
ඒ නිසා මා හට හිඟ නොමවේ
සරණත්, සවියත්, ඔබයි බගේ
පතනෙමි පිහිට ඔබේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →