HYMN #B126
ජය ලබා නැගිට්ටා, මහිමෙන්
Jaya Labaa Nagittaa Mahimen
ජය ලබා නැගිට්ටා, මහිමෙන්
යුත් මා රජා
ජය ගෝසා හඬ නගව්,
සන්තොසින් ගී පුදව්
නිම කළා වැඩය
ගත්තේ ජය මෙදා
තුන්වෙනි දිනදි
තේජසින් පැළඳි
නික්මුණයි සොහොනින්
ජීවනේ කුමරුන්
මරුදම් බිඳලා
සතුරා පරදා
දොරවල් ඇරියා
දිව්‍ය ඒ විමනා
ගලද පෙරලා
මුද්‍රයත් කඩලා
මුරකරුන් බලේ
පරදා නැගුනා
අහෝ! දැන් මරණේ
තා ජය කොයි වේද?
මරණේ කටුවත් කියව
කොයිද? දැන්
අප හිමි ලෙසින්
අපිත් නැගිටිමු
එතුම් ගිය ලෙසින්
අහසේ නගිමු
දෙව්ලොව දෙව්දුතුන් සහ
ලෝ මිනිසුන්
නද දෙත්වා හඬින් ජයට
පත් වූයෙන්
ක්‍රිස්තුස්ගේ හේවායින් ගොස්
ලොව සැම තැන්
සියල්ලන් හට දැන් කියව්ය
මේ හසුන්
එතුමන් මළමුත්
ජීවත්වෙයි තවමත්
වඩී විගසිනා
මනමාළි ගන්ටා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →