← Back to all songs
HYMN #B337

හොරණෑ නදින් හසුන ඇසේ

Horanaa Nadhin Hasuna Asea

හොරණෑ නදින් හසුන ඇසේ

දිලෙන වළා පෙලින් මහිමේ

තේජසේ කුමරා දිස්වේ මෙසේ

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ //

ආසාවෙම් දකින්ටා

මහිමේ දිලෙන්ටා

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ

තිර නැත් ලෝ වන්දනාකරුන්සේ

තොසින් දුක් විඳ කිරුල් හිමි වේ

හිමි සෑදූ පුර බලමිනේ

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ

සියොන් විශ්වාසා වූ දාසයන්

දිස්වේ දිනාගත් දිලෙන වතින්

මනරම් පුරේ දිලේ තේජසින්

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ

හිමි මුදාලූ මුල් සබේ ප්‍රේමෙන්

පවිත්‍ර කර සුද්ද ආත්මයෙන්

තේජසේ ඊම බලා ප්‍රිතියෙන්

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ

ජල ඝෝසා සේ ගී හඬ රැව්දේ

මිහිරි වූ වීණා නාදේ ඇසේ

සුද්ද වූ සේනාවන් ප්‍රශංසා දේ

යේසුස් වේ ප්‍රීතිය ස්වර්ගේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →