HYMN #B336
හොරණෑ හඬැසෙයි ඒ දිනේ
Horanaa Hanndasei Ea Dhinea
හොරණෑ හඬැසෙයි ඒ දිනේ
ඒවි දූත සේනා තේජසේ
ජයලත් පූර්ණ ශුද්ධවන්තයෝ
සැණින් මාරුවී යත් මහිමේ
මා මිදීම ළංව ඒ //
දුරුවේය දුක පීඩා ආදී දේ
ප්‍රීතියෙන් බලා සිටිම්
යේසුස් පැමිණෙන තෙක්
හාලේලූයියා මහිම් වේවා
පලඳයි ජීවනේ ඔටුනු
ප්‍රිය දේව දරුවන් හට
අන්දවයි දීප්ති දමිටු වස්ත්‍ර
නිමල් වූ මනාලිය හට
ගයමින් මිදීමේ ගීතය
දකිමින් ශ්‍රී පෙම්වත් මුහුණ
ප්‍රීතිවේ සෑම මිදුම් ලද්දවුන්
හිමි පාමුල් රැස්වී ඒ දිනේ
සමි හා සමඟ ප්‍රීතිවී
නිර්මල වූ ජීවිතේ පල
ලබ යන්නට මම සූදානම්
යේසුගේ දයාවේ බලයෙන්
දේව සේවයෙහි යෙදිලා
කැඳවීමේ පල නෙලලා
සදාකාලේටා යේසු හා එක්වා
රජකම් කරමි සියොනේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →