← Back to all songs
HYMN #B046

හෝසන්නා වේ හෝසන්නා වේ

Hoesannaa Vea Hoesannaa Vea

හෝසන්නා වේ හෝසන්නා වේ

ප්‍රීති නදින් පැසසුම් දෙමිනා

ප්‍රේමේ යේසුතුම් නමදිම් බැතිනා

සුරකිනු ඔබ සෙවනා //

හිමි සමඟා නිති වසන ලෙසා

ආත්මෙට නව ජීවේ ලැබ මෙදිනා

දෙමිනා පුබුදා ආත්මයේ දීමනා

නිතිනා රැකගනුවා //

මඟ පෙන්වා ගෙන යන්න පියාණෙනි

මෙලොව මුලා නොවෙනා ලෙසිනි

දේව වචනේ ආලෝකය දෙමිනි

සුරකිනු සමි තුමෙනි //

ලද ආසිරි ගැන පසසමිනා

ගුණවත් සිතින් බැතිනා පුදනා

ඊශ්‍රායෙල් පැසසුම් මැද වසනා

ඔබ ගෙන යන් හස්තෙනා //

දිව්‍ය බොදුන් දී සරසනුවා

සහපත් සටන් කර අග දක්වා

ප්‍රේමයේ බලයේ රැඳී වසනටා

කරුණා බොහෝ දෙනුවා //

මුතු දොරින් ඇතුල් වී එහි යන්ටා

සියොනෙදි හිමිතුමා හමුවන්ටා

සමිගේ ඉදිරියේ සේවේ කරන්ටා

හැකි සේ දෙනු වරමා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →