HYMN #B350
හිරු මෙන් එහි දිලෙනා
Hiru Men Ehi Dhilenaa
හිරු මෙන් එහි දිලෙනා
බැබලේ යෙරුසලෙමා
සුසුදන් නිවාඩු ගන්නාවූ විමනා
ආසිරි ලත් නුවරා
මනාලිගේ නගරේ මහිමේ සියොනා
දිනු සුදන් ප්‍රීතිවෙනා
රම්‍යයවූ සියොන දිලේ
පූර්ණ වූ සියොන පෙනේ //
මහිමැති ඒ මුදුනේ
වසනෙම් ප්‍රීතියෙනේ
මුල් ගල කිතුතුම් වේ
ගොඩ නගනේ සියොනේ
නිමවූ මාළිගේ දුටු සැනෙකින්නේ
තුටුවේ සමිඳුතුමන්
නගනා ගී හඬ සියොනේ සුසුදන්
ඒ මුදුනේ ඇසෙනේ
තුති ගී ඇසේ සියොනේ
දිනුම දිනූවන්ගේ
පූර්ණකම ලැබුවන් මහිමේ දිලෙනේ
කැඳවීම පියාණන්ගේ
එහි සදාකල් සමගිය සාමේ වේ
රජ කරනේ ප්‍රේමේ
සියොන් ලෝ ප්‍රීතිය වේ
සෝබන රම්‍ය පුරේ
බැටළු පොවුන් සමඟා යන්නන්ගේ
පිවිසෙන මේ නගරේ
ජය ලබා හිමිගේ ඉදිරියෙ සිටිනේ
ලබනට ඒ මහිමේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →