← Back to all songs
HYMN #B298

හිමියනි කතා කරන්

Himiyani Kathaa Karan

හිමියනි කථා කරන්

ඔබ මෙහෙකරුට

යොමුව ඇත මගේ කන්

ඔබ හඬ අසන්ට

කථා කරන් ස්වාමිනි

කිම්ද මට කියන්නේ

හිමියනි කථා කරන්

නමම කියා මට

වඩා යුහුව එන මෙන්

දෙන් සවිය මා හට

එඬේරා අනුවම

යනසේ නොරඳාම

හිමියනි කථා කරන්

නොවටින්නෙක් වූ මට

මා සිත්හි මහත් ආසාවන්

දන්නා සෙක සොඳට

කථා කරන් කුළුණෙන්

සැබෑ සෙත මට දෙන්

හිමියනි කථා කරන්

ඒ හඬ ඇසුනාම

කීකරු සතුටු සිතින්

එන්ට ඔබ පස්සේම

මෙන්න කන්දී හිඳිමි

කථා කරන් මා හිමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →