← Back to all songs
HYMN #B191

හිමි සෙවනෙහි මා (උසස් තැන්හි වසන්නාවූ)

Himi Sevanehi Maa Rakaval Karamin

උසස් තැන්හි වසන්නාවූ

රහස් තැන්හි සිටින්නාවූ

සර්ව ප්‍රාක්‍රමයන් සෙවනේ සැඟවූ -

මොව්හු ආසිරි ලද්දවුන් වේ //

හිමි සෙවනෙහි මා රැකවල් කරමින්

සුරැකිව ගෙන යයි උසුලා //

ස්වාමි මා සවියම වේ

රක්ෂස්ථානෙත් එයමය වේ

විශ්වාසය සත්‍යය පලිහත් ඔබවේ -

මා සැඟවූ පර්වතේ //

දහසක් වැටුනා වුනත්

දස දහසක් නැතිවී ගියත්

කිසි කලෙකත් එය ඔබ හට නපුරක් නොවේ -

දෙවිඳු මඟ පෙන්වා යයි //

දහවල් විදින හීයටත්

රාත්‍රියෙහි බීතියටත්

අඳුරේ විනාසය හා වසංගතයේදීත් -

බිය නොවන්නෙමි මෙමා //

මා යන මාර්ග සැමා

දේව දූතුන් රැකගනීවා

ගෙනයයි සඟවා නොලිස්සන සේ පා -

අත් දිගුකර මා උසුලා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →