← Back to all songs
HYMN #B276

හිමි පාද වෙත ආවා

Himi Paadha Vetha Aavaa

නමස්කාරය · Worship

හිමි පාද වෙත ආවා

කරුණා පිරී යේසුනි

ඔබ ප්‍රේමය දුටුවා

දේව අභිමුඛයේ

සහනය දෙනු මා ස්වාමිනි

වෙහෙස සන්සිඳුවාලා

කුරුසිය මගේ සැනසිල්ලයි

සුවයෙන් මම එහි රැඳෙමි

හඬ ගසනු මා වෙත කීවා

සැම පීඩා වේලෙහිදී

විමසා බලා ආදරයෙන්

පවසයි මට ආදරයෙන්

මා ස්වාමි මා අත් නාරියි

සැම නින්දා කාලයේදී

උසුලයි සැම මා වෙනුවෙන්

දෙව් ශක්තිය දෙනු මා හටා

ඔබගේ දෙසට නෙත් යොමලා

ලැජ්ජා නොවෙම් ඔබගෙන්

ඔබගේ මුහුන මහිමෙන්

සැමදා මට විහිදේවා

~ Artist: ගෞ. ‌ටෙනිසන් කුරේ ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →