HYMN #B365
හිමි මගේ එඬේරාය
Himi Magea Enndearaaya
හිමි මගේ එඬේරාය
මට හිඟ නොවෙයි
සැනසිලි ගෙන් දේය
පෙමින් මග පෙන්වයි
ආත්මෙට මා සැප කොට
දමිටු මංවල
ගෙන යමින් දයා කොට
දෙවයි සිත් විපුල
ඔබ මා සමඟ බැවින්
මරු සෙවනේදිත්
භය නොවෙමි නොපැකිලෙමි
මොන දුකක් ආවත්
ඔබගේ සැරයැටියත්
ඔබගේ කෙවිටත්
මෙමා හට පහසු දෙයි
අනතුරක් නොවෙයි
සතුරන් ඉදිරියෙහි
සරසා දෙයි බොදුන්
තෙල් ගෑවූසේක් මා හිසෙහි
ඉතිරෙයි පැන් බඳුන්
යහපත්කමත් කරුණාවත්
ළඟමයි මා දිවිහිමි
දෙව් නිවසෙහි සිරිමත්
සදාකල් වසන්නෙමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →