← Back to all songs
HYMN #B124

හිමි කල්වරි කුරුසේ ඉන්නා

Himi Kalvari Kurusea Innaa

හිමි කල්වරි කුරුසේ ඉන්නා

උණුවෙන්නේ නැත්තේ

ඇයි හදවත් //

පාපි අප ගලවන පිණිසා

ආවේය එතුමා මෙළොව වෙතා //

නොපෙනේද හිමිතුම එල්ලි කුරුසේ

ඉන්නේ අප උදෙසා //

වියලී ඇත එතුමගෙ සිරුරා

බලනේය කැඳවන විලස දනා //

අපගේම වරදින් එල්ලී කුරුසේ

ඉන්නේ දැඩි දුකිනා //

රෝග නිසා විඳ කස පහරා

අපගේම පව් උසුලා ගත්තා //

ඔබ ප්‍රේමයෙන් දැන් එන්න හිමි වෙත

වීර්යයෙන් සැණිනා //

සූර්ය එළියද නොමැති වුනා

මුලු දේශයද අඳුරෙන් වැසුනා //

මළසේක සුරනිඳු යේසු අපහට

ජීවනය දෙන්ටා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →