← Back to all songs
HYMN

හිමට වඩා සුදු කරන්න මා

Himata Vadaa Sudhu Karanna Maa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

හිමට වඩා සුදු කරන්න මා

ඔබෙ ලේ වලින්, සෝදන්න මා

කළ සැම වැරදි, පාමුල තබමි

සමාව අයදින්නෙමි

සමාව අයදින්නෙමි

හදවත දවනා, පාපය මගේ

නොසඟවා කියමි, හිමි පාමුලේ

අයැදුම ලෙසින් මා, සිත සේදුවේ

දැනුනා හිමි යලි, අභිමුව ඔබේ

ප්‍රීතිය ඉපිලෙන, හදවත මගේ

නිරතුරු පැසසුම්, පුදනා වෙලේ

ඔබ හඬ ඇසී මා, සිත පිබිදුනේ

දැනුනා හිමි යලි, ජීවය ඔබේ

හිමට වඩා සුදු කරන්න මා...

සමාව අයදින්නෙමි...

“හිසොපින් මා පිරිසිදුකළ මැනව,

එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව.

එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.” - (ගීතාවලිය 51:7)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →