← Back to all songs
HYMN #B133

හලේලූයියා යේසුතුමා මරණය පරදා

Halealooiyaa Yeasuthumaa Maranaya Paradhaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

හලේලූයියා යේසුතුමා

මරණය පරදා ජය ගත්තා

සුර දූතයා ස්වර්ගෙන් බැසවිත්

පෙරළී සොහොනේ ගල ඒ උදයේ

ඇයි මුරකරුවෙනි සොහොන

නොරැකියේ - හලේලූයියා

සොහොනේ ජය සුන්විය එදා

මරණේ කටුව පොඩිවී නියතා

පාපය නැතිකළෙ අපෙ

හිමි සුරිඳා - හලේලූයියා

මරණේ සහ පාතාලයෙහි

යතුරු සමිගේ අතෙහි තිබේය

මේ ලොව සහ සග ලොව

රජ ඔබය - හලේලූයියා

මරණේට එහා ප්‍රීතිමත් වූ

තෙදවත් පැතුමක් ලැබුණි අපටා

යේසුගේ මළවුන්ගෙන්

නැඟිටීම මගිනා - හලේලූයියා

සොහොනින් නැඟි යේසුස් සමිඳා

මළවුන් අතරේ ප්‍රථම ඵල වේ

ඉන්පසු නැඟිටිති හිමි සතු

සුසුදෝ - හලේලූයියා

ගැලවුම් කරු යේසුස් නමටා

මහිමේ පැසසුම් ජය ගී නඟමූ

ආ! ඔබ සග ඇරදුනි

ලොව දනටා - හලේලූයියා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →