← Back to all songs
HYMN

අභිමුවේ සිටින්නම් මා දෙවි පියාණනී

Abhimuvea Sitinnam Maa Dhevi Piyaananee

අභිමුවේ සිටින්නම් මා දෙවි පියාණනී

ඔබෙ සෙනෙහේ ලබන්නම් මා

නිරතුරු යේසුනි

මා අත අල්ලමින් ගෙනයන් මා

ඔබේ සෙවනේ

සදා රැඳී සිටින්නෙමි මෙමා //

ඔබගේ වචනයෙන් මා හද පුබුදුවයි

ඔබගේ හඬ අසන්නම් මා

ඔබ මගේ සැනසුමයි

මා සිත සනසමින් ගෙනයන් මා

ඔබේ සෙවනේ

සදා රැඳී සිටින්නෙමි මෙමා

මා මුළු ජීවිතේ සමිඳේ ඔබ සතුයි

ඔබ පාමුල රැඳෙන්නම් මා

ඔබ මගේ හිමිකරුයි

මා දිවි සුරකිමින් ගෙනයන් මා

ඔබේ දෑතේ

සදා රැඳී සිටින්නෙමි මෙමා

සදා රැඳී සිටින්නෙමි මෙමා

සදා රැඳී සිටින්නෙමි මෙමා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →