HYMN #B317
ආ! මහිමේ රජ ඒවිය
Aa Mahimea Raja Eaviya
ආ! මහිමේ රජ ඒවිය
තෙදැති ඒ උදය
මා පෙමැති හිමි දකීය
පූර්ණ වේ මා ප්‍රීතිය
රනින් වීදී ඇත්
මැණික් පවුරු වේ
දේව මහිමේ එහි ආලෝකේ
මා තේජසේ දකිම් //
මා හිමි ඒ දිනේ මහිමේ
ප්‍රිය සමිඳා එන්නේ ඈතින්
හොරණෑවේ ශබ්දයෙන්
රැස්වේ සැම අවදිවූවන්
හමුවේ ස්වර්ග රජුන්
පැමිණේ මහිමේ දෙව් රජා
තෝරගත්තවුන් නිසා
සුදනන් එක්වේ වෙන් නොවන්ටා
සුරම්‍ය ගී ගයා
ක්‍රිස්තුස් රජ මහිමේ දිස්වේ
එහි සුදනන් රැස්වේ
ප්‍රීති ඝෝෂා හඬ රැව්නැගේ
පුදුමයක් වේ සඟේ
මා සැම සෝදිසියෙන් මිදේ
සෙවනැලි පහවේ
කරුණාව ලැබ නොමිලේ
මිදුම්ලත්තෙක් මෙන් පෙනේ
මා සිත ගී කියයි ප්‍රීතියෙන්
ජයලත්තන් එක්වෙමින්
සතුටු වේ බොහෝ පියාණන්
දැක පූර්ණ සුදනන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →