හාලේලූයියා, මට ඇසුනු ගීතය, දාවිත් ගැයූ ඒ ගීතය
Haalealooiyaa Mata Asunu Geethaya Dhaavith Gayoo Ea Geethaya
මට ඇසුනු ගීතය, දාවිත් ගැයූ ඒ ගීතය
වීනා වයා ඔබ හට හදවතින්
ඔහු ගැයූ ඒ ආත්මයෙන්, ඔබ ප්‍රීතිමත් වෙයි නිතින්
මමද අද ගයමි හාලේලූයියා...
හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා...
අතිශුද්ධ ප්‍රේමනීය, ඔබනම් අලංකාරය
ඔබම වේ සදාතනික ප්‍රේමය
පොළෝතලෙත් අහස්ගැබත්, එහි ඇති සියල්ලම
මැවූ මැවුම්කරුට හාලේලූයියා...
හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා...
මගේ අයුතුකම් හැම, පාප බර සියල්ලම
ඔබේ දයාගුණෙන් මට කමාකළා
මා නිසා මැරෙන්නට තරම් මෙමා වටිනෙද
මගේ පියාණනි හාලේලූයියා...
හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා...
කරුණාවේ දොරටුව, වැසීයන්න ප්‍රථමව
සියල්ලට ගැලවීම දෙනු මැන
ඔබ නැවත එන දින ඔබ සමඟ යන්නට
සැමකල්හි බලායිම් හාලේලූයියා...
හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා, හාලේලූයියා...
පද රචනය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →