← Back to all songs
HYMN #B215

ගෙන මා දිවි තුට

Gena Maa Dhivi Thuta

ගෙන මා දිවි තුට

කැප කරන් ඔබට

ගෙන මා සැම දවස්

නික්මවන් ඉන් ගී සොම්නස්

ගෙන මාගේ අත් එයින්

තුටු දෙයක් කරවන්

ගෙන පා රුවැත් කොට

යොදන් ඔබ වැඩේට

ගෙන මා හඬ නිතින්

ගී කියන්ට සලස්වන්

ගෙන දෙතොලත් මගේ

කියන් බස් ඔබගේ

ගෙන මාගේ රන් රිදී

සැම දේම සිත් ලෙදී

ගෙන මනැසත් සොඳේ

කරන් ඔබ රිසි දේ

ගෙන කැමැත්ත මාගේ

කරන් එය ඔබගේ

ගෙන මා සිතත් නිතින්

කරන් ඔබ සිහසුන්

ගෙන මාගේ පෙම් කඳ

ඒ ඔබට දෙම් පුද

මාද මාගේ සියල්ලත්

ඔබමයි ඉතින් දෙව් පුත්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →