HYMN #B008
ගී පසස් ලෝ වාසී සෑමා
Gee Pasas Loe Vaasee Saamaa
ගී පසස් ලෝ වාසී සෑමා
පිත් දෙවිඳුන් හට දෙව් මහිමා
ලෝ මවා රකිනා තෙදැත්
බලයුත් සපිරු ගුණ ගම්භීරා
සිත් බැතින් අදරින් වඳිව්
වැළඳා ඒ හිමි තුම පාසරා
ගී පසස් ලෝ වාසී සෑමා
පුත් දෙවිඳුන් හට දෙව් මහිමා
පවින් සත් මුදනා ලෙසා
සිය දෙව් කුරුසියෙහි දුන් ප්‍රේමා
පාසරා වැළඳ වඳිව් එතුමන්
බැතින නිති සිත් සේ මා
ගී පසස් ලෝ වාසී සෑමා
දෙව් සුද අත් හිමිටා මහිමා
පව් ගනාඳුර ලා දුරා නිති
සිත් එළිය කරනා ප්‍රේමා
නික්මෙනා පිය පුත් තුළින්
දෙවිඳුන් වඳිව් සුද අත් සැමා
ගී පසස් දෙව් එක් වී සැමා
ත්‍රී එක දෙව් සමිඳුන්ට පෙමා
ආදී දැන් මතු සෑම කල්හිම
ගෞරවය පැසසුම් වේවා
පිත් එ පුත් සුද අත් තියෙක්
දෙවිඳුන් වඳිව් ලොව සත් සෑමා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →