← Back to all songs
HYMN #B009

ගී නාදේ තුති දෙවිඳුතුමා හට

Gee Naadhea Thuthi Dhevinndhuthumaa Hata

ගී නාදේ තුති දෙවිඳුතුමා හට

ඒ නැඟ මා හදෙහි

ශුද්ධාත්මේ බලයෙන් සපිරි

මම හිමි පාදේ සිඹිමි

අදරින යේසු පාපේ සිටි මා

ගලවාලන සේ දිවි පිදුවා

හාලේලූයියා - මා මිදුවා

ජීවනයේ සමිඳා

බලයෙන මාගේ ආත්මේ සපුරා

සැනසුම්කරු ආ තුළට මෙමා

හාලේලූයියා - දී ජය මා

මා දිවි පූර්ණ කළා

පහකර සාපේ රෝගේ උසුලා

කුරුසේ දැරු ඒ පහර නිසා

හාලේලූයියා - යේසු මෙමා

රෝග බලෙන් මිදුවා

අතහැර ලෝකේ මේ මා සතු දේ

කැපවී දිවි දී වැඩට සදා

හාලේලූයියා - ප්‍රීතියෙනා

යේසුගෙ මාර්ගෙ යමි

ජයගෙන සෑමා බාධා බිඳ දා

යන මා මුළු මාර්ගය අගටා

හාලේලූයියා - මා හිමි හා

සිංහාසනේ හිඳිමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →