← Back to all songs
HYMN

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුනි

Abbaa Piyaaneni Aadhara Dhevinndhuni

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

අබ්බා පියාණෙනි ආදර දෙවිඳුනි

ගැළවුම්කරුතුමෙනි ශුද්ධ ආත්මයෙනි

වෙන්වී මා ඔබගෙන් අඳුරේම සිටිය දී

ඔබතුම මා සෙව්වේ //

ලයේහි හොවාමා සිපගෙන සැමදා

මට සෙවණක් වූයේ //

ස්තුතියි ඔබට ස්තුතියි //

කසල ගොඬේ සිට මාව එසෙව්වේ

ප්‍රේමේ දෙව් සමිඳේ //

කල්වාරි රුධිරේ මා නිසා වගුලේ

මා පව් සේදෙව්වේ //

පහත්ව සිටිනා වැටි වැටි ඇවිද්ද

මා හට පෙම් කෙරුවේ //

කඳුලැලි පිසදා මා අත අල්ලා

නිසි මග පෙන්වූයේ //

දිවා රැයේදී ඔබ මා හා සිටිමින්

සැම දින රැක ගත්තේ //

කිසි දින කිසි විට මා අත් නාරින

ඔබ හට මහිමය වේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →