← Back to all songs
HYMN #B005

ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන්

Gananin Kiyaa Dhenna Bari Sthuthiyen

ගණනින් කියා දෙන්න බැරි ස්තුතියෙන්

නිතර සමිඳුන්ට මා ගී ගයම් //

මා ජීවිතේ මේ වනතුරා

ස්වාමින් යහපත් නිසා

ආකාසේ හා එහි වූ සැමා

මුළු විශ්වයම එක්තැන් වෙලා

භූමියේ දක්නා සියල්ලෝ

සමිඳුන්ට පැසසුම් කෙරේ

ගණනින් කියා දෙන්න...

විදුලි බලැත් දියැලි හා ඒ තුළින්

ගලා යන්නාවූ ගංගා වලින්

පොළොවෙහි උල්පත් සියල්ලෝ

සමිඳුන්ට පැසසුම් කෙරේ

ගණනින් කියා දෙන්න...

යෞවන යෞවනියන් මෙසේ

වැඩිමහලුන්ද එක්වී තොසේ

ළදරුන් හා ඔවුනොවුන් ගයා ගී

සමිඳුන්ට පැසසුම් කෙරේ

ගණනින් කියා දෙන්න...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →